මට ඉන්න බෑ..නේ මතකෙට හොරෙන්...


ඉවසයිද මන්දා මා දුන් රිදුම්..
වෙන්වීලා ආ දා වෙනතක් බලන්..
උන්නාට මා රහසේ තුරුලක හෙමින්..
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...

තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...
තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්...
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
මට මාද නැතිවුනා සත්තයි හෙමින්..

ගොළුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ...
දරාගන්න බෑනේ මතකේ විලාපේ...
ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නැ කාගෙන්වත්..
රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ..

ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
මට මා ද නැතිවුනා සත්තයි හෙමින්..

මේ පාළු දුක් සිහිනේ අතර මංවෙලා බොහොසේ
අයේ ගන්න බෑ සෙනෙහස ඔබේ...
ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ...ආයේ
මැරී මැරී උපදී මේ සංසාර ආදරේ...

උන්නාට මා රහසේ තුරුලක හෙමින්...
මට ඉන්න බෑ..නේ මතකෙට හොරෙන්...

ඉවසයිද මන්දා...//

ගායනය : අතුල අධිකාරි සමඟින් සමිතා මුදුන්කොටුව
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : උදාර සමරවීර

අහස සේ ඔබ අනන්තයි

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..//
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි...ඔබ අනන්තයි..

වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
මදුවිතක් උතුරන තැනත් ඔබ...
තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි...//

අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
සිසිලසක් දනවන තැනත් ‍ඔබ
උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි...//

ගායනය: විශාරද නන්දා මාලිනී
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: රෝහණ වීරසිංහ

පෙරදාක සුසුමක් හිත රැදී...




පෙරදාක සුසුමක් හිත රැදී...
සෙනෙහසින් පිදුවා මිහිරැතී...
සංසාර ගමනේ දුර ඇතී...
ගැඹුරුයිද ආදරේ මේ හැටී...//

හුරු පුරුදු ජීවිතේ තව - ඉගිලෙන්න හිතෙනවා නම්
හෙවනැල්ල වී දිවියේ - තුරුලේ රැදී...
කුළුදුල්ම හීනයක් සේ - මහමෙර වගේ උස නම්
තව දන්නෙ නැ නුඹත් - මගෙ ආදරේ තරම්...

පෙරදාක සුසුමක්....

තනිකඩ හිතේ නැවතිලා - පෙම් ඇරඹුමේ වැහි අරන්
නොමැකෙන්නසේ සෙනෙහේ - සිතුවම් ඇදී
දුර යනෙන ජීවිතේ දිගු - හිමිකම නුඹේ ලඟ නම්
හිත පිරුණු ආදරේ - උහුලන්න බැරි තරම්....

පෙරදාක සුසුමක්...

ගායනය : තීක්ෂණ අනුරාධ
පද රචනය :
සංගීතය : තිලිණ රුහුණගේ


හැදින්වීමලෝකයේ බහුලව වගා කරනු ලබන මිදි විශේෂය වන්නේ විටිස් විනිෆෙරාය. එය කැස්පියන් හා කළු මුහුද අවට ප්‍රදේශයෙහි සම්භවය වී ඇතැයි සැලකේ. නැවුම් පළතුරක් ලෙස ආහාරයට ගැනීම, වයින් නිෂ්පාදනය හා වියළි මිදි නිෂ්පාදනය යන ප්‍රධාන ප්‍රයෝජන තුන සඳහා මිදි වගා කරණු ලැබේ.

ලෝකයේ මුළු මිදි නිෂ්පාදනයෙන් 70% ක් පමණ වයින් සඳහා ද 28% ක් පමණ නැවුම් පළතුරක් ලෙසද 2% ක් පමණ වියළි මිදි සඳහා ද යොදාගනු ලැබේ. මේ අනුව වගා කරණු ලබන මිදි වර්ගද වෙනස් වේ. මෙයට අමතරව යුෂ ලබාගැනීම, ටින් කිරීම වැනි කාර්යයන් සඳහාද මිදි අස්වැන්න භාව්තා කළ හැකිය. නැවුම් පළතුරක් ලෙස සහ වියළි මිදි ලෙස මෙරටට ආනයනය කිරීමට විශාල මුදලක් වැය වෙයි.

සාර්ථකව මිදි වගා කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලැබිය යුතුය. විශේෂයෙන් කප්පාදු කිරීම හා වැල් පුහුණු කිරීම වැනි ඉතා වැදගත් වගා පාලන ක්‍රම නිසි පරිදි ඉටු නොකිරීම නිසා අස්වැන්න බෙහෙවින් අඩු විය හැකිය. එසේම වගාව කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කිරීමද ඉතා වැදගත්ය.

අනිකුත් පළතුරු වගාවන් සමඟ සසදන කල මිදි වගාව සඳහා වැඩි මූලික ප්‍රාග්ධනයක් යෙදවිය යුතුය. නමුත් ක්‍රමවත්ව නඩත්තු කල මිදි වගාවකින් විශාල ආදායමක් ලබාගත හැකිය.

ශ්‍රී ලංකාවට මිදි වගාව හදුන්වා දී ඇත්තේ පෘතුගීසි මිෂනාරීවරුන් විසිනි. බොහෝ කලක් යාපනය, පුත්තලම වැනි ප්‍රදේශවල වැඩි වශයෙන් දක්නට ලැබුණු මෙම වගාව මේ වනවිට අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල වැනි ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇත.

ශ්‍රී ලංකාවේ වගා කළ හැකි වෙනත් සියළුම පළතුරු වලට වඩා වැඩි ආර්ථික ප්‍රතිලාභයක් ලබාදීමට මිදි වගාව සමත්ය. දේශීයව පවතින අධික ඉල්ලුම සහ වැඩි මිලකට අලෙවි කරගත හැකිවීම නිසා මිදි වගාව ගොවීන් අතර ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රිය වීමට හේතු වී තිබේ



රෝසමලේ අතීතය
ක්‍රි.පූ. කාලය දක්වා විහිදී යයි. යම් යම් අවස්ථාවන් හි පුරාවිද්‍යාත්මක කැනීමිවලදී රෝසමල්වල පොසිල හමුවී ඇත. පොසිල හමුවූ රටවල් ලෙස එක්සත් රාජධානිය , ප්‍රංශය, ජර්මනිය ,ජපානය,හා ග්‍රීසිය ද අයත් වේ. ග්‍රීක හා රෝම අධිරාජ්‍ය වලදී රාජ්‍ය උත්සව වලදී රෝසමල් යොදාගෙන ඇත. ඊජිප්තු මමී සැරසීම සදහා ආදිකාලිනරෝම වැසියන් රෝසමල් යොදාගෙන ඇති බව පිරමඩවලින් සනාථ වී ඇත. යුරෝපයේ රාජ්‍ය උත්සවවලදී රෝසමල් සැරසීම සදහා යොදාගැනේ.චීනය ,ජපානය හා රුසියාව රෝසමල් ඖෂධයක් ලෙසට ද යොදා ගැනේ.රෝසමල් අයත් වන්නේ රොසියේසීස් කුලයටයි.රෝසමල් විවිධ වර්ණයෙන්, විවිධ සුවදින්,විවිධ හැඩයෙන් හා ප්‍රමාණයෙන්ද වෙනස්ය.මුල්කාලීන රෝසමල් ස්වභාවික වනාන්තරවල තිබී පසුකාලීනව මිනිසා ශිෂ්ටාචාරත්වයට පත්වීම සමග රෝසමල් ද මිනිසා සමග කලඑළියට බැස ඇත.මේ නිසා අදත් රෝස හැදින්වෙන්නේ කැලෑ රෝස නමිනි.පසු කාලීනව මිනිසා විසින් රෝස වර්ගයන් නිර්මාණය කලේය. කැලෑ රෝස මල් පෙති පහකින් යුක්තය.පසුව සිදුකල දෙමුහුන් කිරීම මගින් බහිකල රෝස වර්ගවල පෙති පනහක් හැටක් අතර ප්‍රමාණයක් පවතී. රෝසමල් ගස් හා වැල් වශයෙන් ද දැකිය හැක.රෝසමල් වර්ග මුලික ලෙස 3000 ක් පමණ ඇතැයි වාර්තා වී ඇත.එහිදී යම් යම් ප්‍රභේද මගින් රෝස වර්ගීකරණයට ලක්කොට ඇත.

කැලෑ රෝස
අතීතයේ සිට මිනිසා සමග පැවති වර්ගයකි. පුරාණයේ යම් යම් රෝග සදහා රෝසමල් පෙති තම්බාගත් ජලය ප්‍රයෝජනයට ගැනීම නිසාත් කැලෑවල විශාල ලෙසට වැවෙන නිසාත් මේ නාමය භාවිතා විය.මීට අමතරව ඩැමෙස්කස් ,ගැලීකා ලෙසට ද කැලෑ රෝස වර්ගීකරණය වේ.රෝසා වැන්කසීසා නමින් හැදින්වෙන වර්ගය වැලක ආකාරයට වැවේ.වර්ණයෙන් සුදු සහ කහ පැහැයෙන් යුක්තය.මේ රෝස වර්ග අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිසා සමග පැවත ආ වර්ගයකි.මීට අමතරව වර්තමානයේ දැකිය හැකි රෝස වර්ග කීපයකි. මේවා මල්වල පැහැය හැඩය වර්ණය අනුව වර්ගීකරණය කොට ඇත.

දැනට අප අතර පවතින රෝස වර්ග
  • හයිබ්‍රිට් ටී රෝස -(Hybird Tea Roses)
  • ෆොලොරිබණ්ඩා රෝස-(Floribunda Roses)
  • කුරු රෝස -(Miniature Roses)
  • වැල් රෝස -Climbers and Rombiers)
  • පදුරු රෝස -(Shurb Roses)
  • හයිබ්‍රිටි ටී රෝස (Hybird Tea Roses)
මේවා ලෝකය පුරා ඉතාමත් ජනප්‍රිය රෝස වර්ගයක් ලෙස හැදින්වේ.පෙති රාශියක් ඇති මල් ද ,නොපිපෙන කේතු කාරයට පිපෙන මල් ද පවතී. ඊට අමතරව තනි මල් හා මල් කීපයකින් සැදුම් ලත් මල්ද දැකිය හැක.

මේ රෝස වර්ග ලෙසට
  1. ඇලෙක්ස්
  2. ඇලෆ-ෆයින් සන්සෙට්
  3. චිකාගෝ ෆිෂ්
  4. ගෝල්ඩ් ක්‍රවුන්
  5. පීස්
  6. පින්ක් ෆොචරීට්
  7. සිල්ව ජුබිලි යෙලෝ පේස්ඩ්
  8. හෙලන් ට්‍රොබෙල්
  9. පිකඩලී
  10. බ්ලු මූන්
  11. සර්ටන් හොලිඩේ
  12. නේෂන්ට්‍රස්ට්
ලෙසට හැදින්වේ.මේ වර්ග වගා කිරීම සදහා නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශයේ දේශගුණය ඉතා යෝග්‍යය වේ.